සමාජ මාධ්ය තුළ විවිධ අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා දරුවන් යොදාගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නව නීති රීති හඳුන්වා දීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය තීරණය කර ඇත.
පසුගිය කාලය පුරා සමාජ මාධ්ය තුළ ජනප්රියත්වය ලබාගැනීම සහ මුදල් ඉපැයීමේ අරමුණින් දෙමාපියන් විසින්ම දරුවන් විවිධ අවදානම් සහගත ක්රියාකාරකම් සඳහා යොමු කිරීම බහුලව දක්නට ලැබුණි. අනතුරුදායක ස්ථානවල සංචාරය කරවීම, අසභ්ය වචන භාවිත කරවීම සහ දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් අන්තර්ගතයන් නිර්මාණය කිරීම මෙහිදී ප්රධාන ගැටලු ලෙස හඳුනාගෙන ඇත.
මෙවැනි ක්රියාකාරකම් මගින් දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, දරුවෙකුට ජනප්රියත්වය අවශ්ය දැයි තීරණය කිරීමේ අයිතිය ඇත්තේ දරුවාටම මිස දෙමාපියන්ට නොවන බවත් අමාත්යාංශය අවධාරණය කරයි. දරුවා වැඩිහිටියෙකු බවට පත්ව තීරණ ගැනීමට තරම් මානසික පරිණතභාවයක් ලබන තෙක් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම වැඩිහිටියන් සතු වේ.
තම දරුවන් මෙලෙස අවදානමේ හෙළන දෙමාපියන්ගේ වගකීම් විරහිත ක්රියාකලාපය හේතුවෙන් එම දරුවන් ‘අනාරක්ෂිත දරුවන්’ ලෙස සැලකීමට සිදුවන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය පෙන්වා දෙයි. මෙම නව නීති හරහා දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ අනාගතය වෙනුවෙන් වඩාත් ශක්තිමත් ආරක්ෂණ යාන්ත්රණයක් ක්රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.
