ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොපි දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය නියෝජනය කරන පිරිසක් පසුගිය ඔක්තෝබර් 28 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හමුවිය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි මල් කමිටුවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එල්. එම්. මුදලිගේ මහතා විසින් යුද්ධ හමුදාධිපතිවරයාගේ නිල ඇඳුමේ පොපි මලක් පළඳවනු ලැබීය.

සෑම වසරකම නොවැම්බර් මස දෙවන ඉරිදා පොපි දිනය සමරනු ලබන්නේ සිය රාජකාරිය ඉටු කිරීමේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙනි. මෙම පොපි මල ධෛර්යය, උතුම් සේවය සහ පරිත්‍යාගය සංකේතවත් කරන සලකුණක් ලෙස සැලකේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති විශ්‍රාමික ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version