රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ ක්රීඩක කිලියන් එම්බාපේ විසින් මීට පෙර සිදුකරන ලද නොසැලකිලිමත් ප්රකාශයක් සම්බන්ධයෙන් එම සමාජය විසින් චීන ජනතාවගෙන් නිල වශයෙන් සමාව අයැද තිබේ.
ඊයේ (28) සවස ස්පාඤ්ඤ ලා ලිගා පාපන්දු ලීගය හරහා චීන මාධ්ය සමූහය වෙත විශේෂ ලිපියක් යොමු කරමින් රියල් මැඩ්රිඩ් සමාජය මෙම කරුණු පැහැදිලි කර ඇත.
චීනය, එරට ඉතිහාසය, සංස්කෘතිය සහ ජනතාව කෙරෙහි තමන් ඉහළ ගෞරවයකින් පසුවන බව එම ලිපිය මගින් ඔවුන් අවධාරණය කර තිබේ.
මීට අමතරව, කිලියන් එම්බාපේ විසින් සිය ප්රකාශය සම්බන්ධයෙන් පසුතැවීම පළ කරමින් මීට පෙර නිකුත් කළ සමාව අයැදීමේ ප්රකාශය ද මෙම ලිපියට අමුණා ඇති බව වාර්තා වේ.
