හෙට (නොවැම්බර් 01) දින සිට ක්රියාත්මක වන පරිදි ජාතික ආදායම් බදු පනතට අනුව, යම් යම් සේවා ලබා ගැනීමේදී සහ ගනුදෙනු සිදු කිරීමේදී TIN (Taxpayer Identification Number) අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
මේ අනුව බැංකු හෝ මූල්ය ආයතනයක නව ගිණුමක් ආරම්භ කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම සහ වාහන ලියාපදිංචි කිරීම හෝ එහි ලියාපදිංචිය අලුත් කිරීම වැනි කටයුතු සඳහා මෙම අංකය අත්යවශ්ය වේ.
එමෙන්ම ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීම, ව්යාපාර ලියාපදිංචි කිරීම සහ ශ්රී ලංකාවේ පවතින සමුපකාර ආයතනයක කොටස් හුවමාරු කිරීම වැනි මූල්යමය ක්රියාකාරකම් සඳහා ද මෙම රීතිය බලපැවැත්වේ.
මෙම සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන නමුත් මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින් වෙතොත්, කඩිනමින් එය ලබා ගැනීමට පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
