අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවක් සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක මහා සංඝරත්නය බැහැදැක තිබේ.

පසුගිය ඔක්තෝබර් 24 වන දින ඓතිහාසික ඉසිපතන විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, එහි විහාරාධිපති පූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද ස්වාමීන්වහන්සේ බැහැදැක සාකච්ඡාවක නිරත වූ බව අග්‍රාමාත්‍ය අංශ සඳහන් කරයි.

මෙම හමුවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආගමික සහජීවනය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

ඉසිපතන විහාරස්ථාන සංචාරයෙන් අනතුරුව කදුරුවෙල ජයන්ති විහාරය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, එහි විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල ස්වාමීන්වහන්සේ ද බැහැදැක තිබේ.

මෙම අවස්ථාව සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version