ඉරාන යුද තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා ලොව වටා යාත්රා කරමින් තිබූ ‘විලා ඔඩිසි‘ සුඛෝපභෝගී නෞකාවේ දීර්ඝ සංචාරය කාම්බෝජයෙන් අවසන් කිරීමට එහි සංවිධායකයන්ට සිදුව තිබේ.
ඉන්ධන පිරිවැය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් නෞකාවේ මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අතර, මේ නිසා එහි සිටි මගීන් 200කට ආසන්න පිරිසක් කාම්බෝජයේ සිහානොක් වරායේදී අපහසුතාවට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
රටවල් 147ක වරායන් 425ක් ආවරණය කරමින් වසර තුනരක (දින 1,301ක) දීර්ඝ සංචාරයක් ලෙස 2024 ඔක්තෝබර් මාසයේදී බෙල්ෆාස්ට් වරායෙන් ආරම්භ වූ මෙම සංචාරය, කාම්බෝජයට සේන්දු වන විට දින 755ක් සම්පූර්ණ කර තිබිණි.
ඇමෙරිකාව මූලික කරගත් විලා රෙසිඩන්සීස් සමාගම පවසන්නේ ආසියාවේ ඇතැම් රටවල ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම නිසා උද්ගත වූ තත්ත්වය මගීන් මත පැටවීම ප්රායෝගික නොවන බැවින් මෙම තීරණය ගත් බවයි.
නෞකාව වරායට ළඟාවීමෙන් පසු සියලු බඩුභාණ්ඩ රැගෙන ඉන් බැස යන ලෙස මගීන්ට දැනුම් දී ඇති අතර, කාම්බෝජ බලධාරීන් සඳහන් කර ඇත්තේ නෞකාවේ මගීන් 203 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 156 දෙනකු සිටින බවයි.
AI illustration; not a photograph of the reported event.
