මෙවර ජාතික දීපාවලී සංස්කෘතික උත්සවය නොවැම්බර් මස 07 වන සෙනසුරාදා පෙර්වරු 8.00 සිට පස්වරු 12.00 දක්වා මාතලේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම උත්සවය මෙහෙයවනු ලබයි.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙන්ම මාතලේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිල් පාලක සභාව ද මෙම රාජ්‍ය උත්සවය සංවිධානය කිරීම සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙයි.

දීපාවලී උත්සවයට සමගාමීව විශේෂ ආගමික වතාවත් සහ සංස්කෘතික අංග රැසක් ද එදින පැවැත්වීමට නියමිතව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version