චීනයේ ශංහයි නුවරදී 9 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වෙන හොංකියාවෝ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය අද (05) උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

මෙවර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහ කැනඩාව ගෞරවනීය ආරාධිතයින් ලෙස එක්ව සිටීම විශේෂත්වයකි. ලොව පුරා රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 162ක් නියෝජනය කරමින් විදේශීය සමාගම් 4,142ක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වී ඇත.

මෙම ප්‍රදර්ශනය ඉතිහාසයේ විශාලතම වපසරියකින් සමන්විත වන අතර, එය වර්ග මීටර් ලක්ෂ 4.4ක භූමි ප්‍රමාණයක විහිදී පවතී. මීට අමතරව, ලොව ප්‍රමුඛතම සමාගම් 500 අතරින් සමාගම් 300කට අධික ප්‍රමාණයක් මෙවර සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට එක්ව සිටීම කැපී පෙනේ.

නවීන තාක්ෂණය සහ නව නිපැයුම් රැසක් එළිදැක්වෙන මෙම ප්‍රදර්ශනයේදී ලෝකයට, ආසියාවට සහ චීනයට අලුත් වූ භාණ්ඩ වර්ග 480කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරේ. මෙය එම ප්‍රදර්ශන ඉතිහාසයේ වාර්තාගත ඉහළම අගය ලෙස සැලකේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version