යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත අග්බෝපුර, දිවුල්ගස්වැව සෝමාවතිය රක්ෂිතයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ගංජා වගාවක් සොයා ගැනීමට හැකි විය.
මෙම ඒකාබද්ධ මෙහෙයුම පසුගිය 03 වන දින කන්තලේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකර ඇත.
එහිදී අක්කර 03ක භූමි ප්රමාණයක වගා කර තිබූ ගංජා පැළ 35,000කට අධික ප්රමාණයක් සහ තවත් අක්කර 02ක භූමි ප්රමාණයක වගා කිරීම සඳහා සකස් කර තිබූ බිම් කොටස් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.
මෙම වැටලීමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය කටයුතු කන්තලේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.
AI illustration; not a photograph of the reported event.
