සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මනෝජ් මුත්තුකුමාර් හෙවත් ‘කයිවාරු මුත්තු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මීට පෙර ෂාර්ජා රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව එරට බලධාරීන් විසින් ඔහුව ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කරනු ලැබීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිත බව වාර්තා වේ.

Photo: Delboy59 (CC0). Found using Openverse; not endorsed or certified by Openverse.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version