ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදී පැවැත්වීමට නියමිත පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ ක්‍රීඩාංගණය වෙනස් කර ඇත. මෙම සංචාරය දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත අතර, එහිදී දෙරට අතර එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් පැවැත්වේ.
මුල් සැලැස්මට අනුව දෙසැම්බර් 13 වන දින පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, දිල්ලි ප්‍රදේශයේ පවතින දැඩි වායු දූෂණය සහ එම ක්‍රීඩාංගණයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තරගය වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම සලකා බැලූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, පළමු එක්දින තරගය දිල්ලියේ සිට විශාකාපට්නම් ක්‍රීඩාංගණය වෙත මාරු කිරීමට තීරණය කර ඇත.
