දීපවාලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
අන්ධකාරයෙන් ආලෝකය කරා සහ අයහපතින් යහපත කරා සමාජය මෙහෙයවීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව ඔහු පෙන්වා දෙයි. මෙම උතුම් කාර්යය වෙනුවෙන් කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම දීපවාලි උත්සවයේ සැබෑ අර්ථය බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
ජාති, ආගම්, කුල මල හෝ පක්ෂ භේදවලින් තොරව රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකමුතු විය යුතු බව ද ඔහු සිය පණිවිඩය මගින් වැඩිදුරටත් කියා සිටී.
