සිංගප්පූරුවේ රැකියා බලපත්‍ර ක්‍රමවේදය පුළුල් කරමින්, ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීය ශ්‍රමිකයින්ට නව ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ලබා දී ඇත. දේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී මතු වන ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
සිංගප්පූරුවේ මිනිස්බල අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ සාම්ප්‍රදායික නොවන මූලාශ්‍ර රැකියා ලැයිස්තුව යටතේ මෙම නව ක්ෂේත්‍ර ආවරණය වන බවයි. ඒ අනුව මස් සහ මාළු සැකසුම්කරුවන්, ආහාර හා පාන වර්ග අලෙවිසැල් සහායකයින්, ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ළදරු සුරැකුම්කරුවන් වැනි ක්ෂේත්‍ර සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රමිකයින් බඳවා ගැනීමට සුදුසුකම් ලබා ඇති රටවල් 9 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් ය. බංග්ලාදේශය, ඉන්දියාව, පිලිපීනය සහ තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක් ද ඊට අයත් වේ.
නව රෙගුලාසිවලට අනුව, මෙම ක්‍රමය හරහා බඳවා ගන්නා සේවකයින්ට අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 2,000ක ස්ථාවර මාසික වැටුපක් ලබා දිය යුතුය. සේවායෝජකයින් අදාළ සුදුසුකම් සපුරා අවශ්‍ය බලපත්‍ර ලබා ගත යුතු බව බලධාරීහු පෙන්වා දෙති.
AI illustration; not a photograph of the reported event.
