මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ පහසු කිරීමේ අරමුණින් සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම වැනි සියලුම එක්දින සේවාවන් සඳහා මේ වන විට මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. සේවාලාභීන්ට https://dmtappointments.dmt.gov.lk යන නිල වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය වේලාවන් පහසුවෙන් වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී.

සාමාන්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පූර්ව වේලාවක් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන බව දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම වාහන අයිතිය පැවරීමේ ලිපි ලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව තවත් ස්ථාන කිහිපයක පහසුකම් සලසා ඇති බව ද සඳහන් වේ.

මෙම නව වැඩපිළිවෙල මගින් මහජනතාවට කාලය ඉතිරි කර ගනිමින් වඩාත් විධිමත් ලෙස තම කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version