ප්‍රජා සංවර්ධන සභා මඟින් සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන හා සම්පත් යොදාගත යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් දිරිගැන්වීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. මෙම අවස්ථාව හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගමක සංවර්ධන ප්‍රමුඛතා තීරණය කිරීමේ බලය දේශපාලනඥයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා නොවිය යුතු බවත්, ඒ සඳහා ගමේ ජනතාවටම අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. ප්‍රජා සංවර්ධන සභාවලට ඍජු මූල්‍ය බලයක් නොමැත.
එහෙත් මහජන මුදල් වංචාවෙන් හා නාස්තියෙන් තොරව නිවැරදිව භාවිත වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා සමාජ විගණනයක් සිදු කිරීමේ නිල බලය එම සභාවලට ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පළාත් සභා, රේඛීය අමාත්‍යාංශ, විමධ්‍යගත ප්‍රතිපාදන සහ පෞද්ගලික අංශයේ දායකත්වයද මෙම ප්‍රජා සංවර්ධන සභා මඟින් සකස් කරන එකම සැලැස්මක් යටතේ යොදාගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
වත්මන් රජයේ දිළිඳුකම තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වන අතර, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද විශේෂ ප්‍රතිපාදන වෙන් කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර