රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව අගලවත්ත ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු රැස්වීම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත්තේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් සිසුන්, රාජ්‍ය සේවකයන් සහ තරුණ තරුණියන් මත් උවදුරෙන් මුදා ගැනීම සඳහා දැනුවත් කිරීමයි.

අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය විසින් මෙම කමිටු රැස්වීමේදී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සැලසුම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version