2027 වසර සඳහා සකස් කරන ලද රජයේ අයවැය යෝජනාවලියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
අද (12) පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අයවැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ සඳහා සිය එකඟතාව පළ කර ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය කථාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
