අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ලෙස සේවය කළ ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මහතා මොස්කව් නුවරදී හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඔහුගේ මරණයට හේතුව හෙළි නොකළ නිදන්ගත රෝගී තත්ත්වයක් බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකාරෝවා මහත්මිය සඳහන් කළාය. ඩාර්චියෙව් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරන රුසියානු විදේශ අමාත්‍යාංශය, ඔහුව හඳුන්වා දී ඇත්තේ අත්දැකීම් බහුල, විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසය.
2025 මාර්තු මාසයේ සිට අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ලෙස රාජකාරි කළ ඔහු, මීට පෙර 2014 සිට 2021 දක්වා කැනඩාවේ රුසියානු තානාපතිවරයා ලෙසද සේවය කර ඇත. රුසියානු-අමෙරිකානු සබඳතා පිළිබඳ විශේෂඥයෙකු වූ ඔහු, 2021 සිට 2024 දක්වා රුසියානු විදේශ අමාත්‍යාංශයේ උතුරු අමෙරිකානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි බලයට පත්වීමෙන් පසු, 2025 පෙබරවාරි මාසයේ ඉස්තාන්බුල්හි පැවති රුසියානු-අමෙරිකානු සාකච්ඡා සඳහා සහභාගී වූ රුසියානු දූත පිරිසට නායකත්වය ලබා දුන්නේද ඩාර්චියෙව් මහතා විසිනි.
ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දිනය සහ ස්ථානය පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
