ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමුළුව අද (11) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ආරම්භ විය. මෙම සමුළුව අද සහ හෙට යන දෙදින පුරා පැවැත්වීමට නියමිතය.

සමුළුවේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රජයේ නියෝජිතයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

මෙරට විද්‍යුත් විකාශන ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වය, ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග මෙන්ම අනාගත ප්‍රවණතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම මෙම සමුළුවේ මූලික අරමුණයි.

සමුළුවේ දෙවැනි දිනය වන හෙට දිනයේදී විකාශන කර්මාන්තයට අදාළ වැඩමුළු සහ විශේෂ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එකම වේදිකාවකට එක්වන මෙම සමුළුව, කර්මාන්තයේ ඉදිරි ගමන තීරණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version