ඇමරිකාව සහ ඉරානය අතර යළිත් වරක් මතුව ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වේ. විශේෂයෙන්ම හුර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන බොරතෙල් ප්‍රවාහනයට බාධා ඇතිවීමේ අවදානමක් මතුවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම තත්ත්වයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97ක මට්ටම පසු කර තිබේ. පසුගිය මාසයේදී බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබුණද, මේ වන විට එය පෙබරවාරි මාසයේ පැවති මිල මට්ටමට වඩා 30%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින භූ දේශපාලනික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී බොරතෙල් සැපයුම් දාමය කෙරෙහි ඇති විය හැකි බලපෑම් පිළිබඳව ආයෝජකයින් දැඩි අවධානයකින් පසුවෙයි. මෙම මිල ඉහළ යාම ලෝක ආර්ථිකයට සහ ඉන්ධන ආනයනය කරන රටවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයින් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර