ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් කිහිපයක එකමුතුවක් වන බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවේ 18 වැනි සැසිවාරය අද (12) සහ හෙට (13) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වේ. මෙම සමුළුව සඳහා සහභාගී වීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මේ වන විටත් ඉන්දියාවට පැමිණ සිටිති.
රුසියානු ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං විසිනි. සමුළුව ආරම්භ වීමට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති පුටින් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවේදී රුසියානු-යුක්රේන යුද තත්ත්වය, ඇමෙරිකානු-ඉරාන අර්බුදය මෙන්ම ඉන්දියාව සහ රුසියාව අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.
මේ අතර, වසර හතකට පසු ඉන්දියාවේ සංචාරයක නිරත වන චීන ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව මෙම සමුළුවට එක්වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් පිළිබඳව රාජ්‍ය නායකයින් අතර තීරණාත්මක සාකච්ඡා රැසක් මෙම සමුළුව තුළදී අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර