සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයිනේ පළාත් හතක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ආරම්භ කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි, රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් මෙම වැඩසටහන යටතේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ.
මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගැනීම සහ එම ස්ථාන විනාශ කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මදුරු කීටයන් ව්‍යාප්ත වීමේ අනුපාතය පදනම් කරගනිමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තෝරාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි.
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,637කි. එම කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ. සැප්තැම්බර් මාසයේ ගතවූ දින 13ක කාලය තුළ පමණක් රෝගීන් 2,146ක් වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දිස්ත්‍රික්ක අතර ගම්පහ දිස්ත්‍රික්කය පෙරමුණේ පසුවන අතර, එම සංඛ්‍යාව 20,742කි. මීට අමතරව කොළඹ, මහනුවර සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර