ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්රියාත්මක කෙරෙන ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම සඳහා ශ්රී ලංකා බලධාරීන් සහ අරමුදලේ කාර්ය මණ්ඩලය අතර එකඟතාවක් ඇති වී තිබේ.
මෙම එකඟතාව ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්ය පහසුකමක් හිමිවනු ඇත. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ මෙරටට ලැබෙන සමස්ත මූල්ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක මට්ටමකට ළඟා වනු ඇත.
කෙසේ වෙතත්, මෙම අනුමැතිය ලබාගැනීම සඳහා 2027 වසරේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්ය සහතික කිරීමේ සමාලෝචන කටයුතු සම්පූර්ණ කිරීම අත්යවශ්ය බව ජාත්යන්තර මූල්ය අරමුදල පෙන්වා දෙයි.
ශ්රී ලංකා ආර්ථිකය අඛණ්ඩව 11 වැනි කාර්තුවටත් වර්ධනයක් වාර්තා කර ඇති බවත්, 2026 වසරේ දෙවැනි කාර්තුවේදී එය සියයට 4.2ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් අරමුදලේ දූත මණ්ඩල ප්රධානියා සඳහන් කරයි. ආර්ථික කම්පන මධ්යයේ වුවද මෙරට ආර්ථිකය පෙන්වා ඇති ඔරොත්තු දීමේ හැකියාව ඔවුන්ගේ ඇගයීමට ලක්ව ඇත.
එසේම, මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ජාත්යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ගැලපීම අඛණ්ඩව සිදුකළ යුතු බවද ජාත්යන්තර මූල්ය අරමුදල වැඩිදුරටත් අවධාරණය කර සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර