පසුගිය පෙබරවාරි 13 වන දින තලංගම, අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සිදුකළ ප්රධාන සැකකරුට විදේශගත වීම සඳහා ව්යාජ ගමන් බලපත්ර සහ ලේඛන සකස් කර දීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විසින් ව්යාජ ලේඛන සකස් කිරීම සඳහා සිය ඇඟිලි සලකුණු පවා ලබා දී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර