ගෝලීය වශයෙන් සීග්රයෙන් ව්යාප්ත වන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඕස්ට්රේලියාවේ ප්රතිශක්තිකරණ උපදේශක කමිටුව (ATAGI) විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව, ‘Qdenga’ නමැති ඩෙංගු එන්නත එරට භාවිතය සඳහා ප්රථම වරට අවසර ලබා දී තිබේ.
මෙම එන්නත මිලි ලීටර් 0.5 බැගින් වූ මාත්රා දෙකකින් ලබා දෙන අතර, එම මාත්රා දෙක අතර අවම වශයෙන් සති 12ක පරතරයක් තිබිය යුතු බව වෛද්ය උපදෙස්වල සඳහන් වේ. එන්නතේ උපරිම ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ලබා ගැනීම සඳහා නියමිත මාත්රා දෙකම ලබා ගැනීම අනිවාර්ය බව බලධාරීන් අවධාරණය කරයි.
මීට පෙර ඩෙංගු රෝගය වැළඳී ඇති පුද්ගලයින්ට සහ ඩෙංගු අවදානම් සහිත රටවලට සංචාරය කරන පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගැනීම වඩාත් සුදුසු බව කමිටුව පෙන්වා දෙයි. වයස අවුරුදු හතරට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත ලබා දීම කෙරෙහි වෛද්යවරුන්ගේ අවධානය යොමු කළ හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.
ඩෙංගු රෝගය ලොව පුරා වේගයෙන්ම ව්යාප්ත වන බෝවන රෝගයක් ලෙස සැලකෙන අතර, වාර්ෂිකව මිලියන 100කට ආසන්න රෝගීන් සංඛ්යාවක් වාර්තා වේ. ඕස්ට්රේලියාවේ වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල සංචාරය කර පැමිණි අය බව ද දත්ත පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර