ශ්රී ලංකා පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
සභාවේ කටයුතු ආරම්භයේ සිට පෙරවරු 10.00 දක්වා කාලය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 22(1) සිට 22(6) දක්වා විධිවිධාන ප්රකාරව කටයුතු සඳහා වෙන් කර ඇත.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කෙරෙන ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පෞද්ගලික මන්ත්රී යෝජනා පිළිබඳ විවාද පැවැත්වීමට නියමිතය.
සභා කටයුතු අවසානයේ පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා වෙන් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර