බ්රිතාන්යයේ හැම්ප්ෂයර් ප්රදේශයේ පදිංචි ඉයන් පැටන් නම් ගොවියෙකු විසින් ලොව වැඩිම බරැති වට්ටක්කා ගෙඩිය වගා කරමින් ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට සමත්ව ඇත. ‘බැගීරා’ ලෙස නම් කර ඇති මෙම දැවැන්ත වට්ටක්කා ගෙඩියේ බර කිලෝග්රෑම් 1,295.8 කි.
වසර 50කට වැඩි කාලයක් සිය නිවුන් සහෝදරයා සමඟ වට්ටක්කා වගාවේ නිරත වුවද, මෙවර තරගයට ඉයන් පැටන් ඉදිරිපත්ව ඇත්තේ තනිවමය. දින 120ක් වැනි කෙටි කාලයක් තුළ මෙම වට්ටක්කා ගෙඩිය වර්ධනය කර ගැනීමට ඔහුට හැකි වී තිබේ.
මෙම වට්ටක්කා ගෙඩිය රැකබලා ගැනීම සඳහා දිනකට පැය හයක පමණ කාලයක් වැය කිරීමට සිදුවූ බවත්, ගිම්හාන කාලයේදී දිනකට ජලය ලීටර් 600කට ආසන්න ප්රමාණයක් අවශ්ය වූ බවත් ඔහු පවසයි. ඇතැම් දිනවලදී මෙම වට්ටක්කා ගෙඩිය කිලෝග්රෑම් 32ක බරකින් වර්ධනය වීම කැපී පෙනෙන කරුණකි.
තම පසුගිය වසරේ වාර්තාව ද අභිබවා යමින් ඉයන් මෙම ජයග්රහණය ලබා ඇත. දැනට හැම්ප්ෂයර් ප්රදේශයේ ප්රදර්ශනයට තබා ඇති මෙම දැවැන්ත වට්ටක්කා ගෙඩිය, ප්රදර්ශනය අවසානයේ ගවයන්ගේ ආහාර සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර