2026 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026) ප්රමුඛතම ජාත්යන්තර ගුවන් සේවය සඳහා වන ‘පාරිභෝගික තේරීමේ කීර්තිමත් සම්මානය’ දිනා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය සමත් විය. කලාපීය ගුවන් සේවා ක්ෂේත්රයේ සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් මෙම සම්මානය හිමි කර ගැනීමට එම ආයතනයට හැකි විය.
මෙම සම්මාන උළෙලේදී අදාළ අංශය යටතේ ඇගයීමට ලක්වූ එකම ජාත්යන්තර ගුවන් සමාගම වන්නේද ශ්රීලංකන් ගුවන් සේවයයි. 10 වන වරටත් පැවැත්වුණු මෙම උත්සවය මාලදිවයිනේ මාලේ නුවරදී උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබුණි.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්රධානී දිමුත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මගීන්ට ලබා දෙන උසස් සේවාව සහ කලාපය තුළ පවතින සක්රීය දායකත්වය මෙමගින් ඇගයීමට ලක්ව ඇති බවයි. ඉදිරියේදී සිය සේවා තවදුරටත් පුළුල් කිරීමට මෙම ඇගයීම විශාල ශක්තියක් වන බවද ඔහු පැවසීය.
ශ්රීලංකන් ගුවන් සේවය මේ වන විට දකුණු ආසියානු කලාපයේ රටවල් කිහිපයක් ආවරණය වන පරිදි ගමනාන්ත 15ක් වෙත සතියකට ගුවන් ගමන් 130කට අධික සංඛ්යාවක් ක්රියාත්මක කරයි. සිය ගුවන් ජාලය හරහා ලොව පුරා සංචාරකයන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්ය පහසුකම් සලසා දීම ඔවුන්ගේ විශේෂත්වයකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර