ශ්රී ලංකාවේ වන අලි සුරැකීමේ ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ත්රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට ආරක්ෂක අමාත්යාංශය පියවර ගෙන ඇත. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.
පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමට නියමිතය.
මෙම වැඩපිළිවෙළ යටතේ යුද හමුදා මූලස්ථානය තුළ විශේෂ මෙහෙයුම් මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් ත්රිවිධ හමුදාව, වනජීවී නිලධාරීන් සහ පශු වෛද්ය විශේෂඥයින් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සහ ක්ෂණික ප්රතිචාර දැක්වීම සිදු කෙරෙනු ඇත.
වන අලි දඩයම් කිරීම් සහ වනජීවී අපරාධ වැළැක්වීම මෙන්ම මිනිසා හා වන අලි ගැටුම් පවතින ප්රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම මෙම මධ්යස්ථානයේ ප්රධාන අරමුණයි. මීට අමතරව, හමුදා සාමාජිකයින් සඳහා වනජීවී සංරක්ෂණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීමට ද යෝජනා වී ඇත.
මෑතකදී තිරප්පනේ ප්රදේශයේදී ‘අග්බෝ’ නම් වන අලියා සොයා ගැනීමේ මෙහෙයුම ත්රිවිධ හමුදාව සහ වනජීවී බලධාරීන් අතර පැවති සාර්ථක සහයෝගීතාවයට කදිම නිදසුනක් බව බලධාරීහු පෙන්වා දෙති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර