එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් සඳහා හයිටි රාජ්‍යයට යෑමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක් වටිනා යුද සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇත.
මෙම උපකරණ භාරදීම පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජහා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ හමුදාවට අවශ්‍ය උපකරණ සපයා ගැනීමට නොහැකි වූ පසුබිමක, ශ්‍රී ලංකාව කළ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව මෙම ආධාරය ලබා දුන්නේය. අදාළ උපකරණ ඉන්දීය නාවික හමුදාව විසින් පසුගිය 10 වන දින කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබීය.
මේ අතර, මහා භාණ්ඩාගාරයේ සිදුවූ අක්‍රමිකතාවක් හේතුවෙන් රුපියල් කෝටි 100කට අධික මහජන මුදලක් අහිමි වීම පිළිබඳවද මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබේ. ආර්ථික අර්බුදයක පසුවන ශ්‍රී ලංකාවට මෙවැනි මූල්‍ය පාඩු දැරීම බරපතළ අභියෝගයක් බව විචාරකයෝ පෙන්වා දෙති.
ඉන්දියාවේ මෙම මැදිහත්වීම දෙරට අතර පවතින උපාය මාර්ගික සබඳතාවල තවත් එක් පියවරක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ දකිති. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් විදෙස් රටවල සහාය පැතීමට සිදුවීම වත්මන් ආර්ථික අර්බුදයේ සංකීර්ණත්වය මනාව පැහැදිලි කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර