ශ්‍රී ලංකාව පහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් දක්වා උසස් වී ඇති බව ලෝක බැංකුව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙය දේශීය ඒක පුද්ගල ආදායම ගෝලීය සන්ධිස්ථානයක් පසු කළ බවට ලැබුණු පිළිගැනීමක් ලෙස සැලකේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ ද, ඉදිරි වසර සඳහා එම අගය සියයට 3ක් දක්වා මන්දගාමී වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි. ආර්ථික අර්බුදයෙන් පසු කර්මාන්ත සහ සේවා අංශවල යම් ප්‍රගතියක් දක්නට ලැබුණ ද, තවමත් බොහෝ පවුල් ආර්ථික පීඩනයන් හමුවේ අභියෝගාත්මක තත්ත්වයක පසුවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වූ පමණින් ආර්ථික ස්ථාවරත්වය තහවුරු නොවන බවයි. 2019 වසරේදී ද මෙවැනිම තත්ත්වයකට පත් වූ ශ්‍රී ලංකාව, පසුව ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් යළි පහළ මට්ටමට ඇද වැටුණු බව සිහිපත් කරන එම ආයතනය, මෙවර එම අත්දැකීමෙන් පාඩම් උගත යුතු බව අවධාරණය කරයි.
රටේ පවතින ඉහළ රාජ්‍ය ණය මට්ටම සහ ආර්ථික අභියෝග හමුවේ, මූල්‍ය විනය අඛණ්ඩව පවත්වා ගැනීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ලෝක බැංකුව පවසයි. සෞඛ්‍ය සහ අධ්‍යාපන දර්ශක අතින් දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර