එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට අනුයුක්තව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය, පසුගිය ජුනි 30 වන දින අතිශය අභියෝගාත්මක ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් සාර්ථකව නිම කිරීමට සමත් විය.
මධ්‍යම අප්‍රිකාවේ ඇම්ඩාෆොක් (Am dafok) ප්‍රදේශයේදී සැම්බියානු සාමසාධක භට පිරිසක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් පිරිසක් තුවාල ලැබූහ. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වෙනත් පාර්ශවයකට එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ පසුබිමක, එක්සත් ජාතීන්ගේ බලකා අණදෙන නිලධාරියාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත එම වගකීම පැවරිණි.
ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ මහතාගේ නායකත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු මහතාගේ සහය නියමු දායකත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Mi-17 හෙලිකොප්ටර් යානයක් මෙම මෙහෙයුම සඳහා යොදවන ලදී. සතුරු ප්‍රහාර මධ්‍යයේ වුවද, යානය ගොඩබස්වා තුවාලකරුවන් 14 දෙනෙකු ඉතා කෙටි කාලයක් තුළ ආරක්ෂිතව යානයට නංවා ගැනීමට ගුවන් හමුදා භට පිරිස් සමත් වූහ.
පියාසර කරන අතරතුර ගුවන් වෛද්‍ය කණ්ඩායම විසින් තුවාලකරුවන්ගේ ජීවිත ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර, එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසයේ මෙවැනි මෙහෙයුමකදී වැඩිම පිරිසක් මුදාගත් අවස්ථාව ලෙස මෙය වාර්තාගත විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් ප්‍රදර්ශනය කළ මෙම නිර්භීතභාවය සහ වෘත්තීය නිපුණතාවය ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ඇගයීමට ලක්ව ඇති අතර, එමගින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ කීර්ති නාමය තවදුරටත් තහවුරු විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර