ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික උත්සවය අද (05) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙවර ජාත්‍යන්තර පරිසර දින තේමාව “දේශගුණික ක්රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” වුවද, ශ්‍රී ලංකාව “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” යන තේමාව යටතේ මෙවර දිනය සැමරීමට කටයුතු යොදා තිබුණි.
පරිසර සතියට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රිටිගල, අලියාවැටුණු වැව, බුලෑගල, කෝන්කැටියාව සහ කල්ලන්චිය යන වනාන්තර පහ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු කෙරිණි. මීට අමතරව ‘කුඩා බුබුළ’ දිය උල්පත් රක්ෂිතය ද නව රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මෙම නව රක්ෂිත ප්‍රදේශවල සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2169ක් පමණ වේ.
පසුගිය 2025 වසරේ සිට ක්‍රියාත්මක ‘වනස්පති’ වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස නම් කර තිබේ. පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය විසින් විශේෂ වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත.
වනාන්තර විනාශ වීම වැළැක්වීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව ‘වන සුරැකුම’ නමින් නව වැඩසටහනක් ද ආරම්භ කර තිබේ. පරිසර හානි පිළිබඳව දැනුවත් කිරීම සඳහා මහජනතාවට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර