සිරියාවේ අල්-ටන්ෆ් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු හමුදාවේ විශේෂ අණදෙන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ප්‍රහාරයක් එල්ල වූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිවේදනය කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ මැදපෙරදිග අර්බුද මධ්‍යයේ, සිරියාවේ පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත ඉරානය සෘජුවම ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
ඉරාන සොල්දාදුවන් පිරිසක් ඇමෙරිකානු ප්‍රහාරයකින් මියයාමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බව ඉරාන බලධාරීන් පවසයි. මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව පවසන ඉරානය, ඇමෙරිකානු ප්‍රහාර නතර කරන තෙක් එම මාර්ගය හරහා ඉන්ධන හෝ ස්වභාවික වායු ප්‍රවාහන නෞකාවලට ගමන් කිරීමට ඉඩ නොදෙන බවට අනතුරු අඟවා ඇත.
ඇමෙරිකාව විසින් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් දියත් කළ ප්‍රහාර මාලාවකින් බන්දාර් අබ්බාස් නගරයේ පාලම් හතකට හානි සිදුව ඇති අතර, එම ප්‍රහාරවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර ලෙස ඉරානය කුවේට් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු හමුදා යටිතල පහසුකම් ඉලක්ක කරමින්ද රොකට් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලාපීය උණුසුම් තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග ගුවන් අවකාශය සහ සමුද්‍රීය මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර