සෞදි අරාබියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම තානාපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දහම් පාසල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමග යවන සුළු බවයි.
තානාපති කාර්යාලය නව ස්ථානයකට ගෙන යාමෙන් පසුව ඇතිවූ ඉඩකඩ සීමා සහිත තත්ත්වය මධ්‍යයේ වුවද, දහම් පාසලේ අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම, පසුගිය වෙසක් උත්සව සමයේ භක්ති ගීත ගායනය සඳහා අවසර ලබා නොදුන් බවට පළවූ වාර්තා ද තානාපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් පළවන තහවුරු නොකළ අසත්‍ය පුවත් පිළිබඳව විමසිලිමත් වන ලෙස තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර