ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ක්‍රියාත්මක කරන 2026 වර්ෂයට අදාළ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී ඒ මහතා වෙත ජාතික බාලදක්ෂ කර ලේන්සුව පළඳවා පිළිගැනීමක් ද සිදු කෙරිණි.
උත්සවයේදී අදහස් දැක්වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා සඳහන් කළේ, බාලදක්ෂ සේවා යනු හුදෙක් අරමුදල් රැස් කිරීමක් පමණක් නොව, දරුවන් තුළ සහකම්පනය සහ වගකීම් සහිත පුරවැසිභාවය ගොඩනැගීම අරමුණු කරගත් වැඩසටහනක් බවයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ඒකාබද්ධ කරමින් රට වෙනුවෙන් කළ හැකි කාර්යයන් පිළිබඳ සැලැස්මක් සකස් කරන බව ප්‍රකාශ කළේය. දරුවන්ගේ නායකත්ව ගුණාංග සහ පෞරුෂය වර්ධනය කිරීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය ලබාදෙන දායකත්වය ද ඔහු මෙහිදී ඇගයීමට ලක් කළේය.
මෙම අවස්ථාව සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ විවිධ අංශ නියෝජනය කරමින් සිඟිති, පෝතක, මානවක සහ රෝවර් බාලදක්ෂයින් මෙන්ම බාලදක්ෂ නායක නායිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ජාතික බාලදක්ෂ සේවා ක්‍රියාකාරකම් නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව, එම ව්‍යාපෘතිය සනිටුහන් කරමින් සමරු කාඩ්පතකට ජනාධිපති ලේකම්වරයා අත්සන් තැබීම ද සිදු විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර