මීගහවත්ත පොලිස් වසමට අයත් නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී, විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් ගත් පිරිස උඩුපිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු, කාන්තාවක් සහ කුඩා දැරියක් මියගොස් තිබේ. මියගිය අය අතර 69 හැවිරිදි දෙල්ගොඩ පදිංචිකරුවෙකු සහ සියඹලාපේ පදිංචි 39 හැවිරිදි මවක් සහ 7 හැවිරිදි දියණියක් වන බව පොලිසිය තහවුරු කළේය.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දැරියක් ද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර