දික්ඕවිට වරායට රැගෙන ආ මෙරට බහුදින යාත්‍රාවේ උර 11ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු සමග ඉදිරි විමර්ශන කටයුතු සදහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවේ අද උදෑසනයි. මෙම යාත්‍රාව ගන්දර ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති බව ද අනාවරණය වනවා. යාත්‍රාවේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.
Author: Editor
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි 50%ක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහය සමත්ව ඇත. මෙය ආයෝජනයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය ව්‍යාපාරික අනන්‍යතාවය ගෝලීය තලයට රැගෙන යාමේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස ද සැළකිය හැකිය. ශ්‍රී ලංකාව තුළ ඩේවිඩ් පීරිස් සමූහයේ ලොජිස්ටික් අංශය වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු ගබඩා පහසුකම්, ප්‍රවාහනය, නෞකා භාණ්ඩ…
උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. එහි සභාපති සජීව නන්දන කණකරත්න ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ මෙම බස් රථ සේවාව මේ මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි. මේ අතර, උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අද සිට ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින්, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පළමු වරට පසුකර තිබෙනවා. ඒ අනුව අද උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4521 සීමාවට ආසන්න වී තිබුණා. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම අසාමාන්‍ය මිල ඉහළ යාමට ප්‍රධාන සාධක දෙකක් බලපා ඇති බවයි. ඒ අනුව, වෙනිසියුලාව ආශ්‍රිතව පවතින දැඩි භූ-දේශපාලනික උණුසුම සහ අමෙරිකාව විසින් එරට තෙල් නැව්වලට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇති වූ අස්ථාවරත්වයි.
නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් නිසා මෙරට රැකියා නියුක්තිකයන් 374,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසනවා. බලපෑමට ලක්වූ රැකියා නියුක්තිකයන් නැවත රැකියා අවස්ථා නොලැබුණහොත් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක (රුපියල් බිලියන 14කට අධික) ආදායමක් රටට අහිමි වීමේ අවදානමක් පවතින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. මෙම ව්‍යසනය හේතුවෙන් රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16ක් පමණ අවදානමට ලක්ව ඇති බවටයි එම සංවිධානය ගණන් බලා ඇත්තේ. මධ්‍යම කඳුකරයට බලපෑ නාය යෑම් හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 35කින් පමණ පහත වැටිය හැකි…
මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව Google Map A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඊයේ මෙම සැකකරු රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙකි. මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව…
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (05) පස්වරු 6.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 214ක් අතුරුදන්ව ඇත. පවුල් 586,464කට අයත් පුද්ගලයින් 2,082,195ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 30ක්, පුත්තලමෙන් මරණ 30ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 81දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 35ක්, කෑගල්ල…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර