Author: Editor

ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15ක සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඊයේ (2) නම් කළේය. වසර 4කට පමණ පසු ඉකුත් ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පැමිණි හිටපු නායක 39 හැවිරිදි ග්‍රේම් ක්‍රීමර්ටද මෙම සංචිතයේ ස්ථානයක් වෙන්කර තිබීම සුවිශේෂීය. ඊට අමතරව පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි බ්ලෙසිං මුසරබානි ද නැවත කණ්ඩායමට එක්වී සිටී. ටෙස්ට් සහ එක්දින නායක රිචඩ් ගරාවා, අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ඩන් ටේලර් ඇතුළු පිරිසක් මෙම සංචිතයට ඇතුළත්ව ඇත. සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේ ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ඕමානය සමගින් තරග…

Read More

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඊයේ (02) දහවල් කාලයේදී මේ පිළිබඳව අනාවරණය වී ඇත. මෘතශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන් පසු කම්පන 500කට වඩා ඇතිවූ බවය. භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබේ. ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වූ බව ප්‍රාන්ත සිවිල් ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි. භූ කම්පනයේ අපිකේන්ද්‍රය අසල කුඩා ගම්මානයක ජීවත් වූ 50 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවස කඩා වැටීමෙන් මිගොස් ඇති බව ගුවෙරේරෝ ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත. එමෙන්ම ගුවෙරේරෝ අගනුවර වන චිල්පන්සිංගෝ හි රෝහලකට විශාලහානි සිදුවී…

Read More

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. කෙසේ නමුත් ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අබිබවා යෑමට හැකිව ඇත.

Read More

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මැතිවරණයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.

Read More

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවේ. කෙසේ නමුත් හදිසි බිදවැටීම යථාවත්කර අද (3) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.

Read More

දිසානායක මහතා 2024 සැප්තැම්බර් 23 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධුරයට පත් විය. ජනාධිපතිවරයා ලෙස සිය මංගල කතාවේ දී, රට වෙනස් වීමට කාලයක් ගත වන බව නැවත අවධාරණය කළද ජනවරම ලැයිස්තුගත කර ඇති කැපවීම් ඉටු කරන බවට ඔහු පොරොන්දු විය. නව රජයක් පිහිටුවීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාව ගැනද ඔහු සඳහන් කළේය. දිසානායක තම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ආනන්ද විජේපාල ද ඇතුළත් වූ ඔහුගේ අතුරු කැබිනට් මණ්ඩලයට සාමාජිකයන් පත් කළේ ය. ජනාධිපති ලේකම් ලෙස නන්දික සනත් කුමානායක, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස රවී සෙනෙවිරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස සම්පත් තුයකොන්ත. 2024 සැප්තැම්බර් 24 දින ඔහු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස හරිනි අමරසූරිය පත් කළේ ය. දිසානායකගේ මන්ත්‍රී ධුරය පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වීම…

Read More

නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙයි. තවද, කොළඹ කොටුව – කන්කසන්තුරය නගර අතර දුම්රිය එළැඹෙන (25) සහ (28) යන දිනවල ධාවනයට සැලසුම් කර ඇත. මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09කින් සමන්විත බව සඳහන්ය.

Read More

ලිබියානු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් අලි අහමඩ් අල්-හද්දාද් රැගත් පෞද්ගලික ගුවන් යානයක් තුර්කියේ අන්කාරා අගනුවරට නුදුරින් අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු යානයේ සිටි පිරිස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ අන්කාරා හි එසෙන්බෝගා (Esenboğa) ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් පසුවයි මෙම අනතුර සිදුව ඇත්තේ. හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පස් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ඇතුළු යානයේ සිටි අට දෙනාම මෙහිදී මියගොස් තිබෙනවා. මූලික විමර්ශනවලට අනුව මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොව, ගුවන් යානයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් (විද්‍යුත් දෝෂයක්) බව තුර්කි බලධාරීන් පවසනවා. ලිබියානු අගමැති අබ්දුල් හමිඩ් බෙයිබා (Abdul Hamid Dbeibah) මෙම පුවත තහවුරු කරමින් පවසා සිටියේ, මෙය සමස්ත ලිබියානු…

Read More

‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහි දී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම් – චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහි දී ද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා පැවසීය. චීන නියෝජිත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත Wang Junzheng මහතා ඊයේ (23) ජනාධිපති…

Read More