පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු ඊයේ (02) රැස් වුණා. මෙම පළමු පරිසර සභාවේ ආරාධිතයන් ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල, සභාපති සමන්ත ගුණසේකර, සාමාන්‍යාධිකාරි ජගත් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව මෙහි ඉදිරි සභාවන් රැස්වෙන අතර 2023 වසරෙන් පසු පළමු වරට මේ වසරේ සභාව රැස්වුණා. සමුද්‍රීය පරිසරයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය, සමුද්‍ර දූෂණය වැළැක්වීම සදහා වන අදාළ උපදේශනයන්, ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගයක පිහිටා ඇති ලංකාවට අයත් සාගර කලාපය හරහා සිදුවන මෙහෙයුම් කටයුතුවල තත්වයන් සහ එම මෙහෙයුම් මගින් ඇතිවන දූෂණයන්…
Author: Editor
2026 අයවැය යටතේ, යෝජිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන්නැයි ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා එලෙස උපදෙස් ලබාදී ඇත්තේ, අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැළසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. අදාළ ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන…
බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇතිවූ ආරවුලක් සංසිදවීම සදහා බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කළේ අද වැනි පොහොය දිනකය. සිරසා නමාමි පොහෝදින වැඩසටහන අද පැවැත්වෙන්නේ ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී ය. මේ අතර දුරුතු පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් , කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට ශ්‍රී ශාක්‍ය මාලකය අභියස බුද්ධ පූජා පිංකමද අද දහවල් පැවැත්වේ.
2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා. ඒ අනුව, රුපියල් මිලියන 13,094 ක ආදායම් හිඟයක් පවතින බැවින්, සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ. එහිදී ස්ථාවර ගාස්තු මෙන්ම ඒකක ගාස්තු ද ඉහල දැමීමට යෝජනා වී තිබෙනවා. මේ අතර, විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය පිළිබඳ අධ්‍යයනය කර, ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා. ඒ අනුව, ජනවාරි දෙවන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන බවත්, සති 06 ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20 වැනිදා වන විට අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද පවසනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් SSC ක්‍රීඩාංගණයේ අලුතින් අති නවීන LED විදුලි අලෝක පද්ධතියක් සවි කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි සඳහන් වෙන්නේ. ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතියට අදාළව, ක්‍රීඩක විවේකාගාරය වැඩිදියුණු කිරීම, තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන් වෙනුවෙන් නව කාමර ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදු කෙරෙනවා. මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 1.7 ක මුදලක් වැය කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි. කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ,නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානලට…
සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුනසිංහ යළි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට ඇගේ නිල කාමරයට යාම අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය. තම නිල කාමරය සභාපතිවරයා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවට මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් අද(02) පෙරවරුවේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මීට පෙර චෝදනා එල්ල වූයේ ප්‍රාදේශීය සභා ලේකම්වරියට පහරදීමක් සම්බන්ධයෙන්. ඉන් තුවාල ලැබූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මතුගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා…
මෙරට වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 376 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇත. රුපියල් මිලියන 25,206 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 1050ක් සහ රුපියල් මිලියන 47,725.00 කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 2982 ක්, දේශීය යාත්‍රා 11 ක් හා සැකකරුවන්169 දෙනෙකු සමග අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේ ය. රුපියල් මිලියන 1297ක වටිනාකමකින් යුත් විදේශීය කංසා කිලෝග්‍රෑම් 5768 ක් සැකකරුවන් 73 දෙනෙකු හා යාත්‍රා 19 ක් එම මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගෙන තිබේ. රුපියල් මිලියන 19 කට අධික වටිනාකමකින් යුත් දේශීය කංසා…
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු, දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්නාරම අධිකරණය අවසර ලබාදී තිබේ. මීට පෙර අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකටද මොහුගේ සම්බන්ධයක් ඇති බවට සැකකිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම විමර්ශනය භාරදී තිබූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගැනුණි. එම කාලය ඊයේ (02) පස්වරු 1ට අවසන් වීමට නියමිතව තිබූ බැවින්, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරු මන්නාරම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදි සැකකරු සම්බන්ධයෙන්…
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,033.9 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 43.83% ක කැපී පෙනෙන වර්ධනයක් වන බවය. එහි සුවිශේෂීත්වය වන්නේ, හුදෙක් පොල් පිටරට අපනයනය වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය. මේ යටතේ දියරමය පොල් කිරි, පොල් තෙල්, පොල් ක්‍රීම්, විජලනය කළ පොල්, ඇක්ටිවේටඩ් කාර්බන් සහ කොකෝ පීට් වැනි නිෂ්පාදන සඳහා ඉහළ…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර