නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්ශංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී නිතීවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 12,000ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 42 හැවිරිදි පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Author: Editor
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 97.87% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනූව ඉදිරි දින කිහිපය තුළ වර්ෂාවක් ඇති වුවහොත් ජලාශය සම්පූර්ණ ධාරිතාවයට ළඟා වනු ඇති. එබැවින් මහජනතාවට අවධානයෙන් සිටින ලෙසයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වන්නේ.
දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී තිබේ. රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ මහනුවර දිස්ත්‍රික්කය ගඟවට කෝරළය දෙල්තොටදොළුව තුම්පනේමැදදුම්බරමිනිපේ පාතහේවාහැටයටිනුවරගඟ ඉහළ කෝරළයඅකුරණඋඩුනුවර පන්විල පාතදුම්බර කුණ්ඩසාලේපස්බාගේ කෝරළයහතරලියද්ද උඩුදුම්බරපූජාපිටියහාරිස්පත්තුව උඩපළාත කෑගල්ල දිස්ත්‍රික්කය ගලිගමුවකෑගල්ලමාවනැල්ලරඹුක්කනදෙහිඕවිටවරකාපොළදැරණියගලබුලත්කොහුපිටිය රුවන්වැල්ලයටියන්තොට අරණායක කුරුණෑගල දිස්ත්‍රික්කය නාරම්මලමාවතගමමල්ලවපිටියඅලව්වරිදීගමපොල්ගහවෙල මාතලේ දිස්ත්‍රික්කය රත්තොටවිල්ගමුවඋකුවෙලපල්ලෙපොලමාතලේලග්ගල පල්ලේගමයටවත්තනාඋලඅඹන්ගඟ කෝරළය…
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මගී ජනතාවට නොවැම්බර් මස අවසන් වන වාර ප්‍රවේශපත්‍ර මගින් දෙසැම්බර් මස 07වන දින දක්වා ගමන් කිරීමේ පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. දෙසැම්බර් මාසයට අදාළ සියලුම වාර ප්‍රවේශපත්‍ර දෙසැම්බර් 14වන දින දක්වා නිකුත් කිරීම දීර්ඝ කර තිබේ. එමෙන්ම පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය පමණක් දෙසැම්බර් මස 19දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්
බිඳවැටුණු රන්ටැඹේ – මහියංගන සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු එළඹෙන ඉරිදා (07) වනවිට යථා තත්ත්වයට පත්කොට එම ප්‍රදේශවලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර තිබේ. දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් රන්ටැඹේ – මහියංගනය කිලෝ වෝල්ට් 132 සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර රැහැන්වලට ද බරපතළ හානි සිදු විය. මේ හේතුවෙන් මහියංගනය ප්‍රදේශයට මෙන්ම දිවයිනේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලට ද විදුලි සැපයුම බිඳ වැටුණි. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාකාරීවී කිලෝ වෝල්ට් 33ක තාවකාලික සම්බන්ධතාවයක් හරහා එම ප්‍රදේශයේ රෝහල්, ජල පොම්පාගාර වැනි අත්‍යාවශ්‍යය ස්ථානවලට විදුලිය ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම නිශ්චිත ප්‍රදේශයකට කඩින්කඩ පැය කිහිපය බැගින්…
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ඉඩම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් සහ නිවසට ලක්ෂ 50ක් වශයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනපතිවරයා මේ පිළිබඳ පවසා සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. එමෙන්ම නිවසක තහඩුවක් හෝ ගැලවී ඇත්නම් එම නිවාස සඳහා ලක්ෂ 10ක මුදලක් ලබා දෙනබවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා. ආපදාවට ගොදු වූ ප්‍රදේශයන්හි ජීවත්වන පුරවැසියන්ට තම නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25000ක මුදලක් රජයෙන් ලබාදෙන බවයි ජනපතිවරයා මෙහිදී පැවසුවේ. එම දීමනාව අද සහ හෙට යන දිනයන්වලදී ලබා දෙන…
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට ඊයේ (4) අවස්ථාව උදාවුණා. ‘අළු බඳුන’ තරගාවලියේ බ්‍රිස්බේන්හිදී ආරම්භ වූ දෙවන තරගයේදීයි ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියේ. ස්ටාක් මෙම තරගයේ මේ වනවිට කඩුලු 4ක් බිඳහෙළා ඇති අතර, ඒ සමග ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුට ලොව මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්ව සිටි පාකිස්තානයේ වසීම් අක්‍රම් (කඩුලු 414) අභිබවා යෑමට සමත්වුණා. මෙම වාර්තාවේ තෙවන ස්ථානයේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස් (355), සිව්වන ස්ථානයේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් (317) හා පස්වන ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් (313) පසුවෙනවා.…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමටයි. එම අමාත්‍යංශ විවාදයේ පිළිතුරු කතාව ජනාධිපතිවරයා විසින් කරනු ඇත. අයවැය යෝජනාවලියේ අවසන් වර ඡන්ද විමසීමද අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර