Browsing: ශ්‍රී ලංකාව

කිලිනොච්චිය පොලිස් රථවාහන අංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදි සහ ටිපර් රථ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීම සහ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන 8ක් ඉලක්ක කර ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

පොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා දමා තිබියදී, නීතිවිරෝධී ලෙස මී ගවයන් ඝාතනය කරමින් සිටි ස්ථානයක් වලාන දූෂණ මර්දන බලකාය විසින් වටලනු ලැබීය.

ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වී ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනම් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව තවත් වසර දෙකකින් ඉහළ දැමීමට රජය සූදානම් වේ.

රජයේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාගැනීම සඳහා පන්දහසකට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටීම නිසා නවක වෛද්‍යවරුන් දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇත.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල්වල පිළිකා නාශක ඖෂධ වර්ග 150කට අධික ප්‍රමාණයක හිඟයක් මතුවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.