Browsing: ශ්‍රී ලංකාව

ජපානයේ පැවැත්වෙන 5 වැනි ආසියානු පරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා වික්‍රමසිංහ නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ දිගු කලක් අබලන්ව පැවති හිදායා මාර්ගය රුපියල් මිලියන 21.6ක වියදමින් යළි සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගැනීමට වත්මන් රජය පසුබට නොවන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ටිබෙටයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ රිච්ටර් පරිමාණ 7ක භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් අවතැන් වී තිබේ.

2026 මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා 2025 වසරේ එම කිරුළ දිනාගත් කැටලිනා ඩියුක් මෙරටට පැමිණියාය.

මඩකලපුව ආනෛපන්දි හින්දු කාන්තා විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 45ක මුදලක් වෙන් කර තිබේ.

ජාත්‍යන්තර ගායිකා මේගන් තී ස්ටැලියන්, සුප්‍රසිද්ධ ඉන්දීය නිළි ප්‍රියංකා චොප්‍රා වික්ටෝරියාස් සීක්‍රට් විලාසිතා දැක්මකදී දැකීමට තමන් දැඩි කැමැත්තකින් පසුවන බව පවසා තිබේ.

මුලතිව්, කේප්පාපිලවු ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව තිබූ අක්කර 6.97ක ඉඩම් ප්‍රමාණයක් මහජන ප්‍රයෝජනය සඳහා නිදහස් කර තිබේ.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට පවතින ආබාධ තත්ත්වය හේතුවෙන් තවත් මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක සීමාව ඉක්මවා යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පවසයි. හරිතාගාර වායු විමෝචනය කඩිනමින් අඩු නොකළහොත් සියවස අවසානය වන විට උෂ්ණත්වය අංශක 2.8කින් ඉහළ යා හැකි බව එම වාර්තාව අනතුරු අඟවයි.