Browsing: ශ්‍රී ලංකාව

විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් රට හැර නොයා මෙරට සේවය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ආර්ථික අර්බුදයෙන් මිදීම පමණක් රටක අවසාන ඉලක්කය නොවන බවත්, තිරසාර අනාගතයක් සඳහා පුළුල් ආයතනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

2022 වසරේදී අත්හිටුවන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහභාගීත්වයෙන් වී මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරේ.

ඇමරිකාව සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇනහිටීමත් සමඟ මැදපෙරදිග නාවික මාර්ගවල ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව තිබේ.

නායකත්වය යනු රඟපෑමකින් හෝ පවුල් පසුබිමකින් ලබාගත හැකි දෙයක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පවසයි.

බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී ටැන්සානියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.