Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවැති ‘වජ්‍ර ප්‍රභා’ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ඒකාබද්ධ නිකේතනය වන ‘City of Dreams Sri Lanka’ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙරට සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් ආරම්භ කර තිබේ.

කඩවත, මංගඩ පාර ප්‍රදේශයේදී විදුලි කණුවක් අලුත්වැඩියා කිරීමට ගිය විදුලිබල මණ්ඩල සේවකයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දරුවන් වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්විණි.

ගෝලීය ඉන්ධන අර්බුදය මධ්‍යයේ ඇමෙරිකානු ඩීසල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා යුරෝපා රටවලින් ඩීසල් සංචිත ඉල්ලා සිටීමට ඇමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ.

ඇමරිකානු අතරමැදි මැතිවරණයෙන් අනතුරුව ඉරානයට එරෙහිව මහා පරිමාණ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට ඉඩ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සෞදි අරාබියේ මක්කම ග්‍රෑන්ඩ් පල්ලියට ප්‍රහාරයක් එල්ල වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එරට බලධාරීන් නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ සහ ත්‍රිරෝද රථ සඳහා වන වායුමය ටයර් සම්බන්ධයෙන් නව තත්ත්ව පාලන රෙගුලාසි මාලාවක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය සඳහා නව නල මාර්ගයක් ඉදිකිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.