Browsing: ශ්‍රී ලංකාව

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව විශේෂ කණ්ඩායම් 171ක් සූදානම් කර තිබේ.

මියගිය බවට හඳුනාගෙන භූමදානය කර දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ පුවතක් කොකාවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ උපාධි සහතික සහ නිල මුද්‍රා සැකසීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ.

අවාසනාවන්ත රිය අනතුරකින් මියගිය දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයාගේ අවසන් කටයුතු අද සිදුකෙරෙන අතර, ඔහුගේ බිරිඳ විසින් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් චාවකච්චේරිය මූලික රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 336ක් වෙන් කෙරේ.

උස්බෙකිස්ථානයේ සෙන්ට්‍රම් එයාර් (Centrum Air) ගුවන් සේවය ඔක්තෝබර් මස අග සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.