Browsing: Featured

පසුගිය 17 වැනි දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දී තිබේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියේ තඹ පටි සොරකම් කිරීම හේතුවෙන් රුපියල් කෝටියක පමණ අලාභයක් සිදුව ඇති බව අනාවරණය වේ.

ශාරීරික ආබාධ නොතකා ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දක්වන ආබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ වන විට දැඩි මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේ සිය ක්‍රීඩා දිවිය පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකාවේ විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රවුන්ස් EV සිය දකුණු පළාතේ ප්‍රථම ප්‍රදර්ශනාගාරය මාතරදී විවෘත කළේය.

බලංගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණයෙන් සියලුම ආසන ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර අංශය ඩිජිටල්කරණය සහ නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ‘AgriConnect’ ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී දියත් කෙරිණි.

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ 63 වැනි මහා සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී ආරම්භ විය.

පසුගිය වසරක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ භාවිතය සම්බන්ධයෙන් වයස අවුරුදු 21ට අඩු තරුණයින් 11,000ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

යාපහුව ඓතිහාසික රාජධානිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සංස්කෘතික සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.