යාල ජාතික වනෝද්‍යානයේ සුදු වැලිමුල්ල ප්‍රදේශයේදී වනජීවී නීති උල්ලංඝනය කළ සංචාරකයින් පස්දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෆාරි චාරිකාවක නිරතව සිටි පිරිසක් ජීප් රථ දෙකකින් බැස වනෝද්‍යානය තුළ ඇවිද යමින් නීති විරෝධී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේදී ඔවුන් වනජීවී නිලධාරීන්ට තර්ජනය කර ඇති බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, යාල ජීප් රථ සංගම් එකමුතුව පවසන්නේ වනෝද්‍යානය තුළ නීති කඩ කරන රියදුරන්ට හෝ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ ජීප් රථ සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට එම සංගමය චෝදනා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version