පොළොන්නරුව සහ මාවතගම ප්රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
පළමු අනතුර පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්රදේශයේදී සිදුව ඇත. මඩකලපුව දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ ජයන්තිපුර ප්රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දෙවන අනතුර මාවතගම ප්රදේශයේදී සිදුව ඇත්තේ මහනුවර – කුරුණෑගල මාර්ගයේදීය. මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් පදික මාරුවක නවතා තිබූ යතුරුපැදියක සහ පදික මාරුව මත ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ මාවතගම පදිංචි 69 හැවිරිදි කාන්තාවක් කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාවතගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
