අභාවප්‍රාප්ත සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ 27 වැනි ගුණ සමරු උළෙල අද (30) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් කොළඹ සහ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසක විශේෂ සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇත.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද උදෑසන සිදු කෙරිණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී ගෞරව දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමන්, මහලේකම් ජීවන් තොන්ඩමන් සහ සභාපති මරුදපාණ්ඩි රාමේශ්වරන් යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

මධ්‍යම කඳුකරයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලද තොන්ඩමන් මහතා සිහිපත් කරමින් විවිධ ආගමික සහ සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පක්ෂය පියවර ගෙන තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version